Posts

Showing posts from May, 2019

සුහුරු ගුරු පළමු පුහුණුව - අමිතිරිගල මහා විද්‍යාලය

Image
සුහුරු තානාපතිවරුන්ගේ (Ambassador) පළමු සැසියෙන් පසු සෑම විෂය ඒකකයක්ම ආවරණය වන පරිදි  පාසලේ ගුරුභවතුන් 13 දෙනෙකු තෝරා ගනිමින් 2019.05.24 දින Headstart ආයතනයේ මහත්වරුන් දෙපලක් විසින් ඉගෙනුම් කළමණාකරන පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබා දෙන ලදි.        එමගින් අප පාසලේ ගුරු මහත්ම මහත්මීන්ගෙ උනන්දුව හා කැමැත්ත වැඩිදියුණු වූ අතර ඉතාමත් උවමනාවෙන් එම කටයුතු සඳහා සහභාගී වන අයුරු දක්නට ලැබේ.

අපි සුහුරු පාසලක්...

Image
කෑගලු දිස්ත්‍රික්කයේ තුන් කෝරලයට අයත් දෙහිගම්පොල කෝරලයේ එගොඩපොත පත්තු ගම් කාර්ය සහා සීමාව තුල රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අමිතිරිගල දකුණ ග්‍රාමසේවක වසම තුල පිහිටි අප විද්‍යාලය 1905 දී අමිතිරිගල බෞද්ධ විද්‍යාලය ලෙස ශ්‍රී ගුණරතනරාමාධිපති ගුණරතන ස්වාමින්ව හන්සේගේ  අනුශාසකත්වයෙන් විහාරස්ථ ධර්මශාලාවේදී මෙම විද්‍යාලය ආරම්භ කොට ඇත්තේ දියෝනිස් අලගියවන්න මහතාය. අපගේ පළමු මුල් ගුරුතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසුන් පුරා වසර ගණනාවක් අප විදු මව් තුරුලේ රැදෙමින් විද්‍යාලය මෙවන් සාර්ථකත්වයක් කරා රැගෙන යාමට අපගේ නියමුවානන් වන්නෙ විදුහල්පති S.M.U.සේනානායක මහතාය. මේ වන විට උසස් පෙළ කලා, වාණිජ හා විද්‍යා විෂය ධාරාව ආරම්භ කර ඇති අතර 1AB පාසලක් ලෙස උසස් කර ඇති අතර 2015  දී ලබා දුන් තාක්ෂණික විද්‍යාගාරය හේතුවෙන් නව තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණ වීමට අපට හැකි විය. ඒ අනුව වසරක් පාසා පවත්වන පරිගණක සාක්ෂරතා වැඩමුළුව හේතුවෙන් 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් වීමේ වැඩි ප්‍රවණතාවක්ද දක්නට ලැබුණි. මීට අමතරව 2019 වර්ෂයේ අප පාසල නැණස සුහුරු පාසල් වැඩසටහන සඳහා තෝරා ගැනීමද අප පාසලේ ගම...