නැණස සුහුරු පාසල් ව්‍යාපෘතිය හා අපි...

2019.02.25 වන දින අඹන්පිටිය Tea Factory හිදී පැවැත්වුනු විදුහල්පති හමුවෙන් පසු තෝරාගත් පාසල් 24 අතරට පැමිණීම අප පාසල ලැබූ සුවිසල් ජයග්‍රහණයකි. අප පරිගණක විද්‍යාගාරයේ දැක්ම වන "The journey to win  the Digital Miracle" සාක්ෂාත් කර ගැනීමට එය රුකුලක් වනු ඇත.


නැණස ව්‍යාපෘතිය යටතේ නොමිලේ ලබා දුන් Office 365 පැකේජය හරහා නිවසේ සිට හෝ විවේක සහිත කාලච්ඡේදයන්හිදී තම පැවරුම්, ප්‍රශ්න පත්‍ර හා සමර්පණ නිර්මාණය කර ගැනීමේ අවස්තාව ගුරුභවතුන් හට හිමිවේ. එමෙන්ම ගුරු මහත්ම මහත්මීන් හා විදුහල්පතිතුමන් අතර රාජකාරිමය වශයෙන් සන්නිවේදන කටයුතු සිදු කර ගැනීමට Outlook උපකාරීවේ.


එමෙන්ම පළමු තානාපති හමුවෙන් පසු අප පාසල වෙත ලබා දුන්  ඉගෙනුම් කළමණාකරන පද්ධතිය මගින් පාසල් පද්ධතිය තුළ විශාල වෙනසක් ඇති කිරීමට හැකිවනු ඇත යන්න අපගේ බලාපොරොත්තුවයි. නව තාක්ෂණික දැනුම් පිපාසාවෙන් පෙලෙන අප පාසල් දුවා දරුවන් මේ ඔස්සේ සිදු වන ක්‍රියාකාරකම් සඳහා දායක වන්නේ ඉතාමත් කැමැත්තෙනි.



පිවිසීමෙන් පසු පහත පරිදි කදාව දැක්වේ. එහි අදාල Cources භාවිතා කිරීමට ගුරුවරයාට මෙන්ම සිසුන්හටද හැකිවේ.


ගුරුවරයා හට නැවත නැවත පාඩම් සඳහා සූදානමක් අවශ්‍ය නොවන අතර අදාල content එක් වතාවක් සාදා තබා ගැනීම ප්‍රමානවත් වේ. එමෙන්ම සහන කාල්ච්ඡේද ආවරණය කරනු ලබන ගුරුභවතුන්ටද මෙය පහසුවක් වනු ඇත. සිසුන් සඳහා ඇගයීම්, විභාස යනාදියද පහසුවෙන් සිදු කර ගත හැක. සිසුන් හට ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වන පරිදි තාක්ෂණික උපක්‍රම භාවිතා කළ හැක. උදා: වීඩියෝපට, ගීත ආදිය

නැණස සුහුරු පාසල් ව්‍යාපෘතිය ඔස්සේ නව ලොවකට ...

Comments

Popular posts from this blog

සුහුරු ගුරු පළමු පුහුණුව - අමිතිරිගල මහා විද්‍යාලය

මයික්‍රොසොෆ්ට් අධ්‍යාපන ප්‍රජාව තුළ විශේෂ මයික්‍රොසොෆ්ට් නවෝත්පාදන අධ්‍යාපනඥ (MIEE) ලෙස නම් කිරීම