Posts

තොරතුරු තාක්ෂණ සාක්ෂරතා දිනය 2019

Image
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය - 2019 කෑ/දෙහි/ මහීපාල හේරත් ප්‍රාථමික විද්‍යාලය කෑ/දෙහි/අපලපිටිය ප්‍රාථමික විද්‍යාලය අදී පාසල් කිහිපයක 5 ශ්‍රේණියේ දරු දැරියන් සහභාගී විය.

HOC Sessions

Image

පළමු ප්‍රගති හමුව 2019-09-30

Image
අටුළුගම අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයෙහි පැවති පළමු ප්‍රගති සමාලෝචන හමුව සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්  අන්සාෆ් මහතාද(සහකාර අධ්‍යක්ෂක), headstart ආයතනය, ඩයලොග් ආයතනය ආදී ආයතන වල නියෝජිත මහත්ම මහත්මීන්ද සබරගමු පළාතේ සුහුරු පාසල් තානාපතිවරු හා විදුහල්පති මහත්ම මහත්මීන්ද සහභාගී විය. එහිදී පාසල් සඳහා මතුව ඇති ගැටළු, පාසල් ඇගයීම මෙන්ම ඉදිරි වැඩ කටයුතු පිළිබඳව දැනුවත්වීමද සිදුවිය. එහිදී අප පාසලෙහි තානාපතිවරුන් හට සබරගමු විශ්ව විද්‍යාලයෙහි පවත්වන වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩමුළුවකට සහභාගී වීමේ අවස්ථාවද හිමි විය.

අධ්‍යාපනය විනෝදයෙන් - kahoot.it

Image
සිසුන් හට අධ්‍යාපනික කරුණු විනෝදාත්මකව ලබාදීම සඳහා Kahoot භාවිතයෙන් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා සිසුන් ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් විය.

මයික්‍රොසොෆ්ට් අධ්‍යාපන ප්‍රජාව තුළ විශේෂ මයික්‍රොසොෆ්ට් නවෝත්පාදන අධ්‍යාපනඥ (MIEE) ලෙස නම් කිරීම

Image
මෙම වැඩසටහනට සහභාගී වීමෙන් පසු උගත් කරුණු උපයෝගී කරගනිමින් ලෙස අප පාසලේ සේවය කරන සුයාමා ධර්මදාස හා චාමිනි සමරකෝන් යන ගුරුමහත්මීන් දෙපල තේරී පත්වීය.

සුහුරු තානාපති පස්වන සැසිය

Image
පස්වන සැසිය මහනුවර ICBT Campusහිදී පැවැත්වුනු අතර එහිදී අප හට නැවුම් අත්දැකීමක් වන Virtual Reality පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීමට හැකිවිය. එමෙන්ම සිදු කරන ලද කාර්යයන් ඇගයීමද අගය කළ යුත්තකි. මෙය තානාපතිවරුන් මෙලෙස හමුවන අවසන් අවස්ථාවද විය. මෙම වැඩමුළු සංවිධානය කිරීමෙන් ගුරුභවතුන් වන අප නව මාවතකට යොමු කිරීමට දරන උත්සාහය පිළිබඳ අපි කෘතවේදීත්වය පිරිනැමීමට කැමැත්තෙමු.