Posts

Showing posts from June, 2019

සිසුන් සඳහා දෘඩාංග පුහුණුව....

Image
8 ශ්‍රේණියේ සිසුන් සඳහා දෘඩාංග පුහුණුව තොරතුරු හා සන්නිවේදන විෂයයට අදාලව පවත්වන ලද අතර කණ්ඩායම් වශයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට ඉඩ ලබාදෙන ලදි.

සුහුරු පාසල් තානාපති තුන්වන සැසිය....

Image
මහනුවර ICBT campusහිදී 2019.06.21 දින පැවති තෙවන වැඩමුළුව තානාපතිවරුන් හට ඉතා වැදගත් වූ බව පැවසීමට කැමැත්තෙමි. එහිදී Swap, google earth භාවිතය, youtube chanel creation, how to use wikipedia වැනි වැදගත් කරුණු රාශියක් දැනගැනීමට හැකිවිය. එමගින් පාසල් තුළ විශාල වෙනසක් කිරීමට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මදාරා නුවරපක්ෂ මහත්මිය විසින් පවත්වන ලද " කතරගමට යනවද? අතරමං වෙනවද? " යන මාතෘකාවට අදාලව අන්තර්ජාල භාවිතය හා අපෙ සිසු දරුවන් ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව පවත්වන ලද දේශනය ඉතා වැදගත් විය. තවද  Microsoft Educator Communityහි තානාපතිවරුන් උපයා ගන්න ලද points අනුව headstart ආයතනය විසින් තානාපතිවරුන් ඇගයීමද තානාපතිවරුන් දිරිමත් කිරීමට උපකාරි විය.

අපේ පොසොන් උත්සවය සුහුරු ලෙස.....

Image
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අප පාසල මඟින් සංවිධානය කරන ලද පොසොන් උත්සවය සැමරුම් දිනය 2019.06.14 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. එහිදී අප පාසලේ ගෞරවනීය බදුලුවෙල කස්සප ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනයක් පවත්වන්නට යෙදුනු අතර ඉන් අනතුරුව සිසු සිසුවියන් විසින් බැති ගී සරණියක්ද ඉන් පසු තොරණක් ප්‍රදර්ශනය කෙරුණි. තොරණ ප්‍රදර්ශනය සඳහා මූලිකත්වය ගනු ලැබුවේද පූජ්‍ය බදුලුවෙල කස්සප ස්වාමීන් වහන්සේ විසිනි. ඒ වෙනුවෙන් උන්වහන්සේහට ගෞරව පූර්වක ස්තුතිය ප්‍රකාශ කර සිටිමු.

නැණස සුහුරු පාසල් ව්‍යාපෘතිය හා අපි...

Image
2019.02.25 වන දින අඹන්පිටිය Tea Factory හිදී පැවැත්වුනු විදුහල්පති හමුවෙන් පසු තෝරාගත් පාසල් 24 අතරට පැමිණීම අප පාසල ලැබූ සුවිසල් ජයග්‍රහණයකි. අප පරිගණක විද්‍යාගාරයේ දැක්ම වන "The journey to win  the Digital Miracle" සාක්ෂාත් කර ගැනීමට එය රුකුලක් වනු ඇත. නැණස ව්‍යාපෘතිය යටතේ නොමිලේ ලබා දුන් Office 365 පැකේජය හරහා නිවසේ සිට හෝ විවේක සහිත කාලච්ඡේදයන්හිදී තම පැවරුම්, ප්‍රශ්න පත්‍ර හා සමර්පණ නිර්මාණය කර ගැනීමේ අවස්තාව ගුරුභවතුන් හට හිමිවේ. එමෙන්ම ගුරු මහත්ම මහත්මීන් හා විදුහල්පතිතුමන් අතර රාජකාරිමය වශයෙන් සන්නිවේදන කටයුතු සිදු කර ගැනීමට Outlook උපකාරීවේ. Office 365 පැකේජය වෙත මෙතනින් පිවිසෙන්න. එමෙන්ම පළමු තානාපති හමුවෙන් පසු අප පාසල වෙත ලබා දුන්  ඉගෙනුම් කළමණාකරන පද්ධතිය මගින් පාසල් පද්ධතිය තුළ විශාල වෙනසක් ඇති කිරීමට හැකිවනු ඇත යන්න අපගේ බලාපොරොත්තුවයි. නව තාක්ෂණික දැනුම් පිපාසාවෙන් පෙලෙන අප පාසල් දුවා දරුවන් මේ ඔස්සේ සිදු වන ක්‍රියාකාරකම් සඳහා දායක වන්නේ ඉතාමත් කැමැත්තෙනි. අපගේ LMS වෙත මෙතනින් පිවිසෙන්න. පිවිසීමෙන් පසු පහත පරිදි කදාව දැක්වේ. එහි...